Translate

Tuesday, September 24, 2013

ඔබ දන්නව නම්...

මගේ පැහැදිලි අහස
මගේ ලස්සනම දසුන
මගේ සනීපම යහනාව
මගේ සැඩ සුලගෙ මුදු සුවද
මගේ රසවත්ම තෑග්ග
මගේ සංවේදී සංවේදනාව
මගේ හොදම යෙහෙලිය
හැමදාමත්...
මගේ හිතේ උනන්දුව වැඩිකරන
මගේ එකම බලාපොරොත්තුව
මගේ දීප්තිමත්ම තරුව!
මගේ දිවා-රැ
මගේ සිත සුවපත් කරන්නිය
මගේ තරහ නිවන්නිය
මගේ වේදනාවන් නසන්නිය
මගේ වසන්තයේ කුසුම
මගේ මැණික
මගේ ප්‍රාර්ථනාව
මගේ හදවත හා ආත්මය
මගේ ජීවිතේ සම්පුර්ණ කළ ඔබ

මගේ විනෝදාංසය
මගේ සහකාරිය
මගේ හොදම අවස්ථාව!
මගේ හොදම තේරීම
මගේ ශක්තිය සපයන්නිය
මගේ සිතට ප්‍රිය ඇති  කරන්නිය
මගේ උදෑසනේ හිරැ එළිය
මගේ හවස්‍ යම සතුටු විල
මගේ සිනහව ඇති කරන්නිය
මගේ සදාතනික ගැලවුම්කාරිය
මගේ දිව්‍යලෝකය
මටම ගැලපෙන...
මගේ උණුසුම
මගේ හොදම ලැබීම
මගේ ආත්මීය සහකාරිය
මගේ හොදම සිහිනය
මගේ සිහින කූමරිය
මගේ "හැමදේටම වඩා මුලින් ඉන්න කෙනා..."
මගේ ආත්ම ශක්තිය
මගේ ස්ථානෝචිත ප්‍රඥාව
මගේ මරණය තෙක් ජීවත් වීමට එකම හේතුව
දන්නවද...?
ඒ ඔයා විතරමයි!!!!